කැටලෝනියාවේ ස්වයං පාලනය අත්හිටුවීමේ ක්‍රියාදාමය ලබන සෙනසුරාදා සිට ආරම්භ කරන බව ස්පාඤ්ඤය රජය නිවේදනය කරයි.
කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් බවට පත්කිරීම වෙනුවෙන් පැවති ජනමත විචාරණයෙන් පසුව එය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරන බවට එහි නායකයා ප්‍රකාශ කිරීමත් සමග ස්පාඤ්ඤ රජය මේ ව්‍යායාමය ආපසු කරකැවීමට සූදානම් වෙයි.
ස්පාඤ්ඤ අගමැති මරියානෝ රජෝයි පවසා සිටියේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වැනි වගන්තිය ක්‍රියාවට නැංවීමට ස්පාඤ්ඤ කැබිනට් මණ්ඩලය ලබන සෙනසුරාදා දිනයේදී රැස්වන බවයි.
කැටලෝනියාව සෘජු පාලනයට පවරා ගැනීමට 1978 දී සම්මත කරන ලද ව්‍යවස්ථාවේ 155 වගන්තිය මගින් ස්පාඤ්ඤයට අවස්ථාව සැලසෙන බව දේශපාලන විචාරකයෝ පවසති.