කැටලෝනියාවේ පාලන කලාපය නීතියේ ආධිපත්‍යයට යටත් කිරීමේ ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුවේ සැලසුම පිළිනොගන්නා බව එහි නායක කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් අවධාරණය කරයි.
ස්පාඤ්ඤ අගමැතිවර මරියානෝ රජෝයි විසින් කැටලෝනියාවේ ජනමතවිචාරණයෙන් පසුව උද්ගත වූ ස්වයං පාලනය පිළිබඳව සිය රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබේ. එමෙන්ම, මෙම පළාතේ අලුතින් මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවද අගමැතිවරයා පවසා තිබුණි.
මේ තත්ත්වය තුළ කැටලෝනියාවේ වත්මන් පාලනය යටතේ පවතින ආයතනද මධ්‍යම ආණ්ඩුව යටතට ගැනීමට ස්පාඤ්ඤ අගමැතිවරයා සූදානම් වෙයි. එමෙන්ම, කැටලෝනියාව සතු ස්වයං පාලනය ඉවත් නොකරන නමුත්, මෙම කලාපය නීතියේ ආධිපත්‍යයට නතු කරන බව ස්පාඤ්ඤ අගමැතිවරයා හදිසි කැබිනට් හමුවකින් පසුව සඳහන් කර තිබුණි.