කාම්බෝජයේ ෆාක් ගරිල්ලන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කරමින්, එරට මිලියන භාගයක පමණ ජනතාවට විදුලිය සැපයෙන විදුලි පද්ධතියක් විසන්ධි කර තිබේ.
රජය හා ගරිල්ලන් සමග සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර සිදුව ඇති ද්විත්ව ප්රහාරයක් සමග මෙම කඩාකප්පල්කාරී ක්රියාව සිදුව තිබේ.
වසර 50කට අධික කාලයක් සිදුවන ප්රචණ්ඩක්රියාවලට තිත තැබීමේ අරමුණින් මෙම සාම සාකච්ඡා ඇරඹී තිබුණත්, ගරිල්ලන්ගේ මෙම නවතම ප්රහාරයත් සමග එම සාකච්ඡා නැවතත් අඩාල වීමේ අවදානමක් පවතින බවද කියැවෙයි.
මෙම ප්රචණ්ඩක්රියා හේතුවෙන් මෙම කාලය තුළ පුද්ගල ජීවිත 220,000ක් පමණ කාම්බෝජයට අහිමි වී තිබේ.