ඇෆ්ගනිස්තානයේ, කාබුල් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක් ඉලක්ක කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30ක් පමණ තුවාල ලබා තිබේ.
සිකුරාදා සවස දේව මෙහෙය සඳහා බැතිමතුන් පැමිණ සිටි අවස්ථාවේදී මුලින්ම ආයුද සන්නද්ධ තුවක්කු කරුවන් දෙදෙනෙකු ඉවක් බවක් නොමැතිව වෙඩි තබමින් ෂියා පල්ලියට ඇතුළු වී ඇති අතර, පසුව මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් සිය බෝම්බය පුපුරුවාගෙන තිබේ.
මෙම ප්‍රහාරයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඉස්ලාම් රාජ්‍යයේ අයි.එස්. ත්රස්තයන් කියා සිටියේ එහි වගකීම තමන් භාරගන්නා බවයි.
ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් මෙන්ම පොලිස් නිලධාරීන්ද වෙති.