කාබුල් ප්‍රහාරයෙන් IMF ලොක්කෙක් නසී
ඇෆ්ගනිස්ථානයේ, කාබුල් අගනුවර විදේශිකයන් බහුලව ගැවසෙන අවන්හලකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් හා වෙඩි තැබීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන් හතර දෙනෙකු මියගොස් ඇති බව පැවසෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇෆ්ගනිස්ථාන කාර්යාල ප්‍රධානී වබෙල් අබ්දල්ලාහ් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිවිල් සේවකයන් හතර දෙනෙකු මෙම ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා මේ මෙය ‘භයංකර ප්‍රහාරයක්’ බව පවසා සිටී.
මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය නිසා මේ වනවිට 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ පිරිස අතර ඇෆ්ගනිස්ථාන ජාතිකයන්, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හා ලෙබනන් ජාතිකයෙකු සිටින බවද පැවසෙයි.
ඊයේ (17දා) එල්ල වූ මේ මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම තලේබාන් සටන්කාමීන් විසින් භාරගෙන ඇති බවද විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

