මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළ ආසන්නයේ සිදුකළ ප්‍රහාරයකින් විදේශීය ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීහු පවසති.
මෙම ප්‍රහාරයේ වගකීම තලේබාන් ත්රස්තයන් භාරගෙන ඇති අතර, ඔවුන් පවසන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඔවුන්ගේ ඉලක්කය වූ බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට පැමිණි ත්රස්තයන් හතර දෙනෙකුද ඝාතනය වී තිබේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන්ගේ ජාතිකත්වයන් තවමත් හෙළිදරුව් කර නැත.
තාලේබාන් ත්රස්තයන් කාබුල් ගුවන් තොටුපළ ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කර දිනකට පසු මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර තිබේ.