විපක්ෂ ක්රියාකාරීන් ඝාතනය කිරීමට සහ කාන්තාවන් දූෂණය කිරීමට බලපෑම් කළ ඉන්දීය මන්ත්රීවරයෙකුට එරෙහිව රට තුළින්ම දැඩි විරෝධයක් මතුව ඇති බව වාර්තා වෙයි.
ට්රිනමූල් කොංග්රස් පක්ෂයේ මන්ත්රී තාපාස් පාල් විසින් විවාදයට තුඩුදෙන මෙම ප්රකාශය සිය පාක්ෂිකයන් ඉදිරියේ සිදුකර ඇත්තේ, ඔහුගේ විරුද්ධ පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයට එරෙහිවය.
මේ අතර, ඔහුගේ බිරිඳ මෙම ප්රකාශය සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් මේ වනවිටත් සමාව ඉල්ලා ඇති අතර, ඔහු අයත් දේශපාලන පක්ෂය විසින්ද පැය 48ක් ඇතුළත ඔහුගෙන් නිදහසට කරුණු විමසා ඇති බව කියැවෙයි.
මේ අතර, විරුද්ධ පක්ෂ කිහිපයක්ම ඔහුගේ මෙම ප්රකාශයට එරෙහිව නැගී සිටින අතර, කාන්තා සංවිධානද බලවත් විරෝධයක් දක්වා තිබේ.
බෙංගාලි පුවත් සේවයක ඔහුගේ මෙම ප්රකාශය මුලින්ම විකාශය වී ඇති අතර, තමන් 'රේප්' (දූෂණය) යනුවෙන් නොපැවසූ බවත්, 'රේඩ්' (ආක්රමණය) යනුවෙන් පැවසූ දෙය වරදවා වටහාගෙන ඇති බවත් ඔහු කියයි.
කෙසේ වෙතත් එය හොඳින් ශ්රවණය කිරීමේදී ඔහු 'රේප්' යනුවෙන් පවසා ඇති බව සනාථ වන බව විරුද්ධ පක්ෂ පෙන්වා දෙයි.