පාකිස්තානයේ ප්‍රකට ආණ්ඩු විරෝධී පූජකවරයෙක් ලෙස සැලකෙන තහිරුල් ක්වාද්රි ගේ ආධාරකරුවන් විසුරුවා හැරීමට ඉස්ලාමාබාද් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
කැනඩාවේ ජීවත් වූ මේ පූජක තැන පාකිස්තානය බලා පැමිණෙන අවස්ථාවේදී ඔහු පිළිගැනීම සඳහා ඉස්ලාමාබාද් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි ආධාරකරුවන්ට මෙසේ කඳුළු ගැස් ප්‍රහාරයට ලක්වීමට සිදුව තිබේ.
එමෙන්ම, ඔහු පැමිණි ගුවන් යානය නැවතත් ලාහෝර් ගුවන් තොටුපළට හරවා යැවීමට බලධාරීන් ක්‍රියාකර තිබුණි.
මේ අතර, මෙම පූජක තැන පවසා ඇත්තේ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ට එරෙහිව සාමකාමී විප්ලවයක් දියත් කළ යුතු බවය. එමෙන්ම, තමන් පැමිණි ගුවන්යානය ලාහෝර් වෙත හරවා යැවීම සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ රජය තමා පැමිණි ගුවන් යානය පවා පැහැරගැනීමක් සිදුකර ඇති බවයි.
මීට සතියකට පෙර තහිරුල් ක්වාද්රිගේ අධාරකරුවන් විසිරුවා හැරීමට ලාහෝර් නුවර, පොලිසිය විසින් කළ වෙඩි තැබීමකදී පුද්ගලයන්8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.