කළු සල්ලි සුදුකළ කිංග්ෆිෂර් ලොක්කා ඉන්දියාව ඉල්ලයි
කිංග්ෆිෂර් ගුවන් සේවයේ හිටපු ප්‍රධානියා වන විජෙයි මාල්යා ඉන්දියාවට පිටුවහල් කරන ලෙසට එරට රජය බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ගුවන් සේවයේ කළු සල්ලි ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් විජෙයි මාල්යා ඉන්දියාවට අත්‍යවශ්‍යව සිටින පුද්ගලයෙකි.
ඇ.ඩො.බිලියනයක පමණ ණය අර්බුදයක පසු වන මාල්යා පසුගිය මාර්තු මාසයේදී ඉන්දියාව හැරගිය අතර, ඔහු බ්‍රිතාන්‍ය තුළ රැඳී සිටින බව විශ්වාස කෙරෙයි.
ඉන්දීය අධිකරණය මාල්යා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමත් සමග ඔහු වෙනුවෙන් නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්රයද අවලංගු කර ඇත.
ඉන්දීය පාර්ලිමේන්තුවේද සාමජිකයෙකු වන මල්යා මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇති අතර, ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙකු ලෙස තමන් ඕනෑම රටක සංචාරය කරන බවත්, කිසිසේත්ම ඉන්දියාවෙන් පළා නොගිය බවත් කියා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

