ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ, බෝල්ටිමෝර් නගරයේ පොලිස් අත්අඩංගුවේදී කළු ජාතිකයෙකු මියයෑමත් සමග නගරයේ දැවැන්ත උද්ඝෝෂණ පැවති බව විදෙස් වාර්තා පවසයි.
පැය කිහිපයක් සාමකාමීව පැවති උද්ඝෝෂණය ඉන් අනතුරුව ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති අතර, පොලීසියට හා අසල වෙළෙඳ සැල්වලට උද්ඝෝෂකයන් පහර දී තිබේ.
මෙම අවස්ථාවේදී පොලීසිය විසින් උද්ඝෝෂණයට සම්බන්ධව කලකකාරී ලෙස හැසිරුණු 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය අප්‍රෙල් 12 වැනිදා අත්අඩංගුවට ගැනුණු ෆෙඩී ග්‍රෙයි නැමැත්තා කොඳු ඇට පේළියේ තුවාල සහිතව පසුගිය සතියේදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.