ඇෆ්ගනිස්ථානය තුළ මේ වනවිට 11,000ක පමණ ඇමෙරිකානු හමුදාවක් රැඳී සිටින බවත්, එම ප්රමාණය ඇමෙරිකාව මීට පෙර සිදුකළ අනාවරණය වඩා වැඩි හමුදා ප්රමාණයක් බවත් සඳහන් වෙයි.
පෙන්ටගනය පෙන්වා දෙන්නේ මෙම නවතම ගණන් හිලව් සඳහා තාවකාලික මෙන්ම රහස්ය හමුදා කණ්ඩායම් මෙන්ම, ස්ථිරව ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින හමුදාවද ඇතුළත් විය යුතු බවයි.
ඇමෙරිකාව මීට පෙර පවසා සිටියේ 8,400ක පමණ හමුදාවක් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින බවයි.
ඇෆ්ගනිස්ථානයේ ක්රියාත්මක තලේබාන් ත්රස්ත සංවිධානය පරාජයට පත්කිරීම සඳහා අමතර 4,000ක පමණ හමුදාවක් යෙදවීමේ ඇමෙරිකානු තීරණය නිවේදනය කරමින් පෙන්ටගනය මෙම නවම අනාවරණය සිදුකර තිබේ.