මීට සතියකට පෙර පාකිස්තානයේ විශාලතම ගුවන් තොටුපළ වූ කරච්චි ජින්නා ගුවන් තොටුපළ ඉලක්ක කර එල්ල වූ ප්රහාරය සැලසුම් කළ බවට සැකකළ පුද්ගලයා මරා දැමූ බව පාකිස්තානු බලධාරීහු පවසති.
ඇෆ්ගනිස්තාන දේශ සීමා ආසන්නයේ එල්ල කළ ගුවන් ප්රහාරයෙන් මිය ගිය විදේශීය හා පාකිස්තානු සටන්කරුවන් 82 දෙනෙකු අතර කරච්චි ප්රහාරය සැලසුම් කළ බවට සැක කරන අබු අබ්දුල් රෙහෙමාන් අල් මානි නැමති උස්බෙකිස්තානු ජාතිකයා සිටින බව ඔවුන් පවසයි.
උතුරු වසිරිස්ථානයේ ගෝත්රිකයන් බහුලව වෙසෙන කලාපය, තලේබාන් හා අල්කයිඩා සංවිධාන සමග සම්බන්ධකම් පවත්වන අන්තවාදීන්ගේ බල කොටුවක් ලෙස හැඳින්වෙයි.
පුද්ගලයන් හතළිස් 40කට පමණ මාරු කැඳවූ කරච්චි නුවර ජින්නා ගුවන් තොටුපළ ප්රහාරය තමා විසින් සැලසුම් කළ බව පාකිස්තානු තලේබාන් කැරලිකරුවන් හා උස්බෙකිස්තනු සටන්කරුවන් ප්රහාරයෙන් පසුව එහි වගකීම භාරගනිමින් කියා සිටියහ.
කෙසේ වෙතත් පාකිස්තාන හමුදාවේ ගුවන් ප්රහාර හේතුවෙන් සිදුවූ හානියට ප්රතිප්රහාරයක් අනිවාර්යයෙන්ම එල්ල කරන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇති බවද විදෙස් පුවත් සේවා පවසයි.