කන්ටේනර් පෙට්ටියේ ලන්ඩන් පැමිණ අයෙක් මරුට - 35ක් රෝහලේ
බ්‍රිතාන්‍යයට ඇතුළු වීම සඳහා කන්ටේනරයක් තුළ සැඟවී ලන්ඩන් වරායට පැමිණි 35 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අතර, සිටි අයෙකු මියගොස් සිටි බව එරට වරාය අධිකාරිය පවසයි.
ලන්ඩන් වරාය අධිකාරිය පවසන්නේ 35 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස අතර ළමයින් හා කාන්තාවන් පවා සිටි බවයි.
මෙම පිරිස සොයාගන්නා විට ඔවුන් විජලනයට හා ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස පහළ යාම හේතුවෙන් ඇතිවන හයිපොතෙමියා තත්ත්වයට පත්ව සිටි බවත්, පසුව ප්‍රතිකාර කිරීම සඳහා ඒ සියලු දෙනා රෝහල් ගතකර ඇති බවත් ලන්ඩනයෙන් වාර්තා වෙයි.
බෙල්ජියමේ සිට ලන්ඩනයේ ටිල්බරි නැව් තටාකාංගනය වෙත රැගෙන ආ කන්ටේනරයක් විවෘත කිරීමෙන් පසුව වරාය අධිකාරියේ නිලධාරීන් විසින් මෙම පිරිස සොයාගෙන තිබේ.
ලන්ඩනයෙන් වාර්තා වන අන්දමට මෙම පිරිස ඉන්දියානු සම්භවයක් සහිත පිරිසක් බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

