යුක්රේනයේ ක්‍රිමියා කලාපයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් හෝ නොසැලකිලිමත් ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ නොකරන ලෙස රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් විසින් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කේරී වෙත දුරකථනයෙන් කතා කරමින් රුසියානු විදේශ අමාත්‍යවරයා මෙසේ අවධාරණය කර ඇත්තේ, ඇමෙරිකාව විසින් රුසියාවට එරෙහිව සම්බාධක දමන බවට මීට පෙර සිදුකර තිබූ ප්රකාශයන්ට පිළිතුරු දෙමිනි. යම් ලෙසකින් එවැනි සම්බාධක දැමීමක් සිදුකළහොත් එය ඇමෙරිකාවටත් බලපානු ඇති බව ලැව්රෝව් අනතුරු ඇඟවා තිබේ.
පසුගිය සතියේ සිට යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය රුසියානු හමුදා විසින් පාලනය කරයි. මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා ක්‍රිමියා පාර්ලිමේන්තුව විසින් තමන් රුසියාවට එකතු වෙනවාද, නැත්නම් යුක්රේනයේම කොටසක් ලෙස සිටිනවාද යන්න තීරණය කිරීම වෙනුවෙන් එළැඹෙන මාර්තු 16 වැනිදා ජනමතවිචාරණයකට යන බව පවසා සිටියේය.
කෙසේ වෙතත් මේ ක්‍රියාමාර්ගය විවේචනය කළ යුක්රේනය කියා සිටියේ එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගයක් බවය. මීට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයාද රුසියානු ජනාධිපතිවරයා සමග දීර්ඝ දුරකථන සංවාද පැවැත්වූ අතර, එය ඵල රහිත වූ බව විදෙස් මාධ්‍ය පවසා සිටියේය.
ඇමෙරිකාව විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමේ කතාබහක්ද ඇතිවූයේ මේ අතරවාරයේදීය. රුසියානු විදේශ අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ ඊට පිළිතුරු වශයෙනි.