ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට බලපෑ චණ්ඩ මාරුතයක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
සිඩ්නි නගරයට උතුරුදිගින් වූ ඩන්ගොග් හිදී මෙම ජීවිත හානි සිදුව ඇති අතර, පුරුෂයන් දෙදෙනෙකු හා එක් කාන්තාවක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙම අයපහපත් කාලගුණයෙන් ඒ ප්‍රදේශයට දැඩි අලාභානි සිදුව ඇති නිසාය.
චණ්ඩමාරුතයත් සමග ඇති වූ වර්සාව හේතුවෙන් බොහෝ ඇතැම් නිවාසවලට දැඩි අලාභානි සිදුව ඇති අතර, සිඩ්නි හා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා නිවාස 215,000ක පමණ විදුලිබලයද ඇණහිට ඇති බව කියැවෙයි.
එරට කාලගුණ අංශ ජනතාවට අනතුරු අඟවා ඇත්තේ තම නිවාසවලටම වී සිටින ලෙසය.