බැටළුවන් ප්‍රවාහනය කරමින් සිටි නෞකාවක සිටි දහස් ගණනක් වූ බැටළුවන් ප්‍රමාණයක් එකවර මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය පරීක්ෂණයක් අරඹා තිබේ.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මැදපෙරදිග රාජ්‍යයන් තුනක් වෙත අපනයනය කරමින් සිටි බැටළුවන් 2400ක් මෙසේ මියගොස් තිබුණි.
සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමක් විසින් තමන් වෙත ලබාදුන් තොරතුරු දැකීමෙන් තමන් මහත් සේ පුදුමයට පත්වූ බව එරට කෘෂිකර්ම අමාත්‍ය ඩේවිඩ් ලිට්ල්ප්රෞඩ් පවසා සිටියේය.
එම නෞකාවේ සිටි 63,800ක් වූ බැටළුවන්ගෙන් සියයට 3.76ක් මේ ආකාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, එය සාමාන්‍යයෙන් මෙවැනි දීර්ඝ ගමනකදී ජීවිතක්ෂයට පත්වන බැටළුවන් ගහණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව රජය පවසයි.
මේ සම්බන්ධයෙන් කඩිනම් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යවරයා දන්වා තිබේ.
ඔස්ට්‍රේලියාව යනු ලෝකයේ බොහෝ රටවලට පශු සම්පත් අපනයනය කරන ප්රමුඛ රාජ්‍යයකි.