ඔස්ට්‍රේලියාව සහ මහා බ්‍රිතාන්‍ය අතර අඛණ්ඩව සිදුකෙරුණු ප්‍රථම ගුවන් ගමන ක්වන්ටස් ගුවන් යානයක් විසින් පසුගියදා සාර්ථකව සිදුකර තිබුණි.
ක්වන්ටස් ගුවන් සේවයට අයත් QF9, බෝයිං 787-9 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානය ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ සිට කිලෝමීටර් 14,498ක දුරක් ගෙවා පැය 17ක ගුවන් කාලයකින් පසුව ලන්ඩනයේ හීතෘ ගුවන් තොටුපොළ වෙත සාර්ථකව ගොඩබස්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ක්වන්ටස් ගුවන් සමාගමේ ගුවන් යානා එකතුවට ඉතා දීර්ඝ ගමන් සඳහා යොදා ගැනෙන ගුවන් යානා යොදාගැනීමේ මුල් පියවර ලෙස මෙම ගුවන් ගමන සිදුකර තිබුණි.
එම සමාගමේ ප්‍රධාන විධායක ඇලන් ජොයිස් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ පර්ත් සිට ලන්ඩනය දක්වා වූ මෙම නවතම ගුවන් ගමන ගුවන් ගමන් ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් හා එම ක්ෂේත්රයේ වෙනසක් සිදුකරන අවස්ථාවක් විය හැකි බවය.