ඔස්ට්‍රේලියානු වෙරළ තීරයක් වෙත ගොඩගසා සිටි 150ක් පමණ වූ කෙටි වරල් සහිත නියමු තල්මසුන්ගෙන් ජීවිත බේරී ඇත්තේ තල්මසුන් 06 දෙනෙකුගේ පමණක් බව විදෙස් වාර්තා පවසයි.
එම සතුන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් 100ක පමණ ස්වෙච්ඡා සේවකයන්, පරිසරවේදීන්, වනජීවී නිලධාරීන් මෙන්ම සෙසු ඔස්ට්‍රේලියානු බලධාරීන් දැඩි පරිශ්‍රමයක් දැරුවද මහා සංහාරයක් මෙන් එහි සිටි බොහෝ තල්මසුන් මියගිය බව සඳහන් වෙයි.
පර්ත් නගරයට කිලෝමීටර් 300ක් පමණ දකුණුදිගින් වූ හේම්ලින් බොක්ක ආශ්‍රිතව මෙම තල්මසුන් මුලින්ම ඇසගැටී තිබුණේ ධීවරයන් පිරිසක් වෙතය.
එසේ හමුවන විටත් එම තල්මසුන්ගෙන් අඩක් පමණ මියගොස් සිටි බවත්, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසා තිබුණි.