ඔස්ට්‍රේලියාවේ ජිහාඩ් මධ්‍යස්ථානයක් වටලයි - දෙදෙනෙක් අත්අඩංගුවට
- 10 09 2014
- 19:50
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ පිහිටි ඉස්ලාමීය ජිහාඩ් මධ්‍යස්ථානයක් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක්කර ඇති බව වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ ප්‍රධානීයා එරට ත්‍රස්ත අවදානම ඉහළ දැමීමත් සමග මෙම ඉස්ලාමීය මධ්‍යස්ථානය හදිසි පරීක්ෂාවකට ලක්කොට ඇති බව පැවසෙයි.
ඒ අනුව, ත්‍රස්ත ක්‍රියාවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අංගුවට ගෙන තිබේ.
එරට ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ මෙම මධ්‍යස්ථානය තුළින් සිරියාවේ ජිහාඩ් ක්‍රියාකාරකම් වෙනුවෙන් පිරිස් බඳවා ගැනීම, ඔවුන්ට පහසුකම් සැලසීම හා අරමුදල් රැස්කිරීම සිදුකර ඇති බවයි.
ඒ අනුව, තම රටේ ජනතාව මැදපෙරදිග ජිහාඩ් කණ්ඩායම් සමග එක්වීම වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු රජය මේ වනවිට කටයුතු කරමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

