ඔස්ට්‍රේලියාවේ, ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ ඩග්ලස් වරාය නගරයේදී අතුරුදන්ව ඇති වයෝවෘද්ධ කාන්තාව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව විශ්වාස කරයි.
79 වැනි වියෙහි පසුවන ඈන් කැමරන් නමැති මෙම කාන්තාව එම නගරයේ සාත්තු නිවාසයක ප්‍රතිකාර සඳහා රැඳී සිටි කාන්තාවකි.
සුළු මානසික ව්‍යාධියකින් පෙලුණු මෙම කාන්තාවගේ හැරමිටිය සහ ඇඳුම් කිහිපයක් එම ස්ථානයට ඔබ්බෙන් වූ කුඩා කලපුව අසලදී හමුවී තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රදේශයේ මීට පෙර මිනිසුන් අතුරුදන් වීම් වාර්තා වී නොමැති බව පවසන පොලීසිය පවසන්නේ ඇය නේවාසිකාගාරයෙන් කිලෝමීටර් 2ක් පමණ ඔබ්බෙන් වූ කලපුව පෙදෙසට පයින් ගමන් කරනවිට කිඹුල් ප්‍රහාරයකට ලක්වන්නට ඇති බවයි.
මීට සති කිහිපයකට පෙර ඇය මෙම සාත්තු නිවාසය වෙත කැඳවාගෙන විත් ඇත්තේ ඇගේ ඥාතීන් විසින් බවද පොලීසිය පවසයි.
කාන්තාවට අයත් ආම්පන්න සොයාගත් ස්ථානය අවට කිඹුල් උගුල් කිහිපයක් යොදමින් මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීමට වනජීවී නිධාරීන්ද සහාය දක්වන බව පොලීසිය පවසා තිබේ.
1985 වසරේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කිඹුල් ප්‍රහාර නිසා පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.