ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් දින දෙකක නිල සංචාරයක් වෙනුවෙන් ඉන්දියාවට පැමිණීමට නියමිතය.
ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ නිල සංචාරය යුරේනියම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් විශේෂ වන බවට තොරතුරු පවතී.
දිල්ලි නගරයේදී ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට පෙර මුම්බායි නුවර වෙත ඇබොට් පැමිණෙනු ඇති බව කියැවෙයි.
ඔහු පවසා සිටියේ ඔස්ට්‍රේලියානු යුරේනියම් අපනයන ඉන්දියාව වෙත කිරීම වෙනුවෙන් ගිවිසුමක් වෙත එළැඹෙන බවයි.
ලෝකයේ යුරේනියම්වලින් 40%ක් පමණ අයිතියක් ඇති ඔස්ට්‍රේලියාව මේ වනවිටත් චීනය, ජපානය, තායිවානය හා ඇමෙරිකාව යන රටවලට යුරේනියම් අපනයනය කරයි.