ඔස්ට්‍රේලියාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් තමන් පරස්පරවිරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අගමැති ටෝනි ඇබ්බොට් පවසයි. අගමැතිවරයා පත්වූ දින සිට මේ දක්වා ඔසට්‍රේලියානු බලධාරීන් ඉන්දුනීසියාව වෙත හරවා යවා ඇත්තේ එකම එක අනවසර සංක්‍රමණික බෝට්ටුවක් පමණක් බව මෙම චෝදනාවල සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් සිය මැතිවරණයට පෙරාතුව ඔහු මෙම අනවසර සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොරොන්දු දුන් බව මෙම චෝදනාකරුවන් යළිත් මතක් කරදී තිබේ. කෙසේ වෙතත් තමන්ගේ ප්‍රමුඛතාව වෙන්නේ බෝට්ටු නැවත්වීම මිස තොරතුරු නිකුත් කිරීම නොවන බවත් ටෝනි ඇබ්බොට් පවසා සිටී.