ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා තවත් දින කිහිපයක්ම ගතවිය හැකි බව එරටින් මැතිවරණ කාර්යාල තොරතුරු උපුටා දක්වමින් විදෙස් වර්තා පවසයි.
එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 150කින් ආසන 12කම ප්‍රතිඵලය තවදුරටත් අවිනිශ්චිතවීම මෙසේ මැතිවරණය ප්‍රතිඵලය පමා වීමට හේතු වන බව කියැවෙයි.
මේ තත්ත්වය තුළ තැපැල් ඡන්ද සහ ලබානොදුන් ඡන්ද සම්බන්ධයෙන් අඟහරුවාදා දිනයේ නැවත ගණන් කිරීක් සිදුවනු ඇති බවද කියැවෙයි.
තත්ත්වය එසේ වුවත්, ඊයේ දිනය වනවිට කම්කරු පක්ෂය ආසන 71ක් ලබාගැනීමට සමත්ව තිබූ අතර, පාලක ලිබරල් ජාතික සන්ධානය ලබාගැනීමට හැකිව තිබුණේ 67ක් පමණකි.
මැතිවරණය මුල සිටම කම්කරු පක්ෂය දැඩි තරගයක් ලබාදී තිබුණත්, මැතිවරණ ජයග්‍රහණය සඳහා අවශ්‍ය අසන 76ක් දිනාගැනීමට හැකිවනු ඇති බව වත්මන් අගමැති මැල්කම් ටර්න්බුල් පවසා තිබුණි.