ඔස්ට්‍රියා මැතිවරණ උණුසුමත් සමග එරට අන්ත-දක්ෂිණාංශික ජනාධිපති අපේක්ෂක නෝබර්ට් හොෆර් අවධාරණය කර ඇත්තේ, තමා බලයට පත්වුවහොත් යුරෝපා සංගමයේ සාමාජිකත්වය සම්බන්ධයෙන් ජනමතවිචාරණයක් කැඳවන බවටය.
බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් ජනමතවිචාරණයත් සමග යුරෝපය තුළ යුරෝපා සංගමයේ බෙදීම වඩාත් වර්ධනය වෙමින් පවතින අතර, බොහෝ රටවල් වත්මන් යුරෝපා සංගමය හා එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මැසිවිලි නඟති.
බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් හොෆර් පවසා සිටියේ, රටවල් 28ක එකතුවකින් යුතු යුරෝපා සංගමය, ඔස්ට්‍රියාවට වැදගත් වී තිබුණත්, තමා මීට වඩා උසස් යුරෝප සංගමයක් මේ වනවිට බලාපොරොත්තු වන බවයි.
ඔස්ට්‍රියා ජනාධිපතිවරණ යළි-ඡන්ද විමසීමක් දෙසැම්බර් 04 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එහි ප්‍රතිඵලය වඩාත් තරගකාරී වනු ඇති බව පැවසෙයි.
කෙසේ වෙතත්, මෙවර ජනාධිපතිවරණයෙන් හොෆර් ජයග්‍රහණය කළහොත් ඔහු යුරෝපා සංගමය තුළ කටයුතු කරන රාජ්‍යයක ප්‍රථම අන්ත-දක්ෂිණාංශික නායකයා බවට පත්වනු ඇත.