වත්මන් ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමාට වඩා රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරන්නෙකු බව රිපබ්ලිකන් පක්ෂ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් පවසා තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප්ගේ මෙම ප්රකාශය ජනාධිපති බරැක් ඔබාමා උදහසට ලක්කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
ජනාධිපතිරණ ප්රචාරක වැඩසටහනකදී විශ්රාමික හමුදා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඩොනල්ඩ් ට්රම්ප් මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.
වඩාත් බලවත් වාග් ප්රහාර සමග අදහස් දක්වන්නෙකු ලෙස සැලකෙන ඩොනල්ඩ් ට්රම්ප් වැඩිදුරටත් පවසා තිබුණේ, තමන් බලයට පත්වූ පසු රුසියානු නායකයා සමග හොඳ මිත්රත්වයක් ගොඩනගා ගන්නා බවයි.
ඇමෙරිකානු ප්රතිපත්ති දැඩිව විවේචනය කරන ඔහු, ඇමෙරිකාවට වැරදුණු තැන් නිවැරදි කරගැනීමට කාලය පැමිණ ඇති බවද පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙවර මැතිවරණයේ ඩිමොක්රටික් අපේක්ෂිකාව වන හිලරි ක්ලින්ටන් වෙනුවෙන් පෙනී සිටින ජනපති ඔබාමාද මේ වනවිට යම් අර්බුදකාරී තත්ත්වයක පසුවන්නේ, හිලරි තමා රාජ්ය ලේකම් ධුරය දැරූ කාලයේදී රාජකාරී ලිපිගොනු පෞද්ගලික ඊමේල් ගිණුමක් හරහා අනාරක්ෂිතව හැසිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්ව සිටින නිසාය.