ඇමෙරිකානු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා සපත්තු පැළඳි වැඳිරියක බවට සමාජ ජාලයක අදහස් පළ කළ බටහිර වර්ජීනියා ප්රාන්තයේ නගරාධිපතිනියක සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙම වර්ගවාදී ප්රකාශය සම්බන්ධයෙන් නගරාධිපතිනියට නැගුණු චෝදනා හමුවේ ඇය සිය ධුරයට සමුදීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
බටහිරි වර්ජිනියාවේ, ක්ලේ නගරයේ නගරාධිපතිනිය ලෙස කටයුතු කරන බෙවර්ලි වේලින්ග් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කළ ප්රකාශයක් දුරදිග යෑම මෙහිදී සිදුව තිබේ.
මෙම සිදුවීමෙන් පසුව නගරාධිපතිනිය ඉල්ලා අස්විය යුතු බව පවසා පෙත්සමක් අත්සන් කර ඇති අතර, ඊට 170,000කට අධික පිරිසක් සිය අත්සන යොදා තිබීමද නගරාධිපතිනියගේ ඉල්ලා අස්වීම ඉක්මන් කර ඇත.
ඇය නගරාධිපති ධුරය දරණ ක්ලේ නගරයේ විශාල ජනගහනයක් ජීවත් නොවුණත්, මෙම ප්රකාශයේ බරපතලබව හේතුවෙන් ඊට එරෙහිව බොහෝ දෙනෙකු නැගී සිට ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.