සිය ආසියානු සංචාරයේ අවසන් ගමනාන්තය ලෙස ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පිලිපීනය වෙත පැමිණි අතර, එහිදී දෙපාර්ශ්වය විසින් ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.
පිලිපීනයේ මැනිලා නුවරදී මෙම ගිවිසුම අත්සන් කිරීමත් සමග දැනට පවතින ප්රමාණයට වඩා විශාල වශයෙන් ඇමෙරිකානු හමුදා පිලිපීනය වෙත එවීමටද සැලසුම් කර ඇති බව කියැවෙයි.
දකුණුදිග චීන මුහුද ආශ්රිත සිය කලාපයේ අයිතිය සම්බන්ධයෙන් චීනය සමග පිලිපීනය මතභේදාත්මක වාතාවරණයක පවතින බැවින් ඇමෙරිකානු මැදිහත්වීම මේ ආකාරයෙන් සිදුව ඇති බව කියැවෙයි.
මෙම සංචාරයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බෙනිග්නෝ අඛීනෝ සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, රාජ්ය භෝජන සංග්රහයකටද සහභාගි වන බව වාර්තා වෙයි.