ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා මෙම මාසයේදී ජපානයේ හිරෝෂිමා නගරය වෙත සංචාරය කරන බව කියයි.
වර්ෂ 1945 වසරේදී ඇමෙරිකාව විසින් හිරෝෂීමාව වෙත පරමාණු බෝම්බය හෙළීමෙන් පසුව, බලයේ සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු හිරෝෂීමා වෙත සංචාරය කරන ප්රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වෙයි.
මෙම සංචාරය මෙම මස 21 සිට 28 දක්වා ඔබාමා සිදුකරන ආසියානු සංචාරයේ කොටසක් වන අතර, මෙහිදී වියට්නාමය වෙතද ඔබාමා සංචාරය කරනු ඇත.
1945 ආගෝස්තු 06 වැනිදා ඇමෙරිකාව විසින් හිරෝෂීමාව වෙත හෙලන ලද පරමාණු බෝම්බය හේතුවෙන් පුද්ගලයන් 140,000ක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් අනතුරුව නාගසාකි නගරය වෙතද තවත් පරමාණු බෝම්බයක් හෙළීය. මෙය දෙවැනි ලෝක යුද්ධයේ අවසානයද විය.