ජපානයේ ඔන්තකේ ගිනිකන්ද පුපුරායෑමත් සමග ඒ ආශ්රිතව කඳු නැගීමේ නිරතව සිටීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 24 දෙනෙකුගේ මෘත ශරීර ඉවත්කර ගැනීම නවතා දැමීමට සිදුවූ බව වාර්තා වෙයි.
ගිනිකන්ද තවදුරටත් පුපුරා යමින් අළු, ගෑස් හා ගල් අහසට විදීම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් නවතා දැමීමට සිදුව තිබේ.
පසුගිය සෙනසුරාදා අනපේක්ෂිත ලෙස පුපුරාගිය ගිනිකන්ද හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස මේ වනවිට 36 දක්වා ඉහළ ගොස් ඇති බව ජපාන බලධාරීහු විශ්වාස කරති.
මෙම ගිනිකඳු පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ අතර, මියගිය පිරිසෙන් පුද්ගලයන් 12 දෙනෙකුගේ ශරීර පමණක් නැවත ගෙන ඒමට හැකිවී තිබේ.