ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ෆරූඛාබාද් හි රෝහලක අලුත උපන් දරුවන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව ඉන්දීය පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
රාම් මනෝහර් ලොහියා රෝහලේ පසුගිය මාසය තුළ මෙසේ අලුත උපන් දරුවන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් දරුවන් 30 දෙනෙකු පමණ හුස්ම හිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද අනාවරණය වී තිබේ.
ඇතැම් අවස්ථාවල රෝහලේ පවතින ඔක්සිජන් තත්ත්වය පහළයෑම මෙම මරණවලට හේතුව බව කියැවෙයි.
පසුගිය අගෝස්තු මාසයේදී ගෝක්පූර් රෝහලක ඔක්සිජන් තත්ත්වය පහළ යෑම හේතුවෙන් පුද්ගල මරණ 160ක් පමණ වාර්තා විය.
එහිදීද මරණවලට හේතුව නිසි අවස්ථාවේදී රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට නොහැකි වීම බව කියවුණි.
කෙසේ වෙතත්. රෝහල් බලධාරීහු මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ කිසිදු ඔක්සිජන් හිඟයක් නොවූ බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඇරඹීමට ඉන්දීය රජය නියෝග කර ඇති අතර, ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා වාර්තාවන්ට අනුවද මෙම මරණවලට හේතුව ඔක්සිජන් හිඟය බව කියැවෙයි.