ඔක්තෝබර් මාසයේදී යළි පැවැත්වීමට නියමිත කෙන්යානු ජනාධිපතිවරණයෙන් ඉවත්වීමට එරට විරුද්ධ පක්ෂ නායක රයිලා ඔඩින්ගා කටයුතු කර තිබේ.
තම ඉවත්වීම තුළ එරට මැතිවරණ දෙපාර්තමේන්තුවට සාධාරණ මැතිවරණයක් සිදුකිරීම සඳහා අමතර කාලයක් හිමිවනු ඇති බව හෙතෙම පවසා තිබේ.
පසුගිය අගෝස්තු 08 වැනිදා පැවති මැතිවරණයෙන් වත්මන් ජනපති උහුරු කෙන්යට්ටා ජයග්‍රහණය කර තිබුණත්, මැතිවරණයේ දෝෂ පවතින බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.
ඒ අනුව, ඔක්තෝබරයේ යළි මැතිවරණයක් කැඳවූ අතර, ජනපති කෙන්යාටාද යළිත් වරක් මැතිවරණයට මුහුණදීමට සූදානම් බව කියා සිටියේය.
එරට මැතිවරණ කොමිසය කියා සිටියේ අගෝස්තු මස පැවති මැතිවරණයෙන් කෙන්යාට්ටා 54%ක ඡන්ද ප්‍රතිශත්යක් ලබාගත් බවයි. ඔඩින්ගා ලබාගෙන තිබුණේ 44%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.