IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ කුලුගෙඩි පහරින් කඩා බිඳ දැමුණු ඉරාකයේ නිම්රුඩ් ඓතිහාසික නගරය යළි අත්පත් කරගැනීමට එරට රජයේ හමුදා සමත්ව තිබේ.
මීට වසර දෙකකට පෙර ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් මේ පෞරාණික නගරයේ බලය අත්පත් කරගනිමින් එහි වූ පෞරාණික ගොඩනැගිලි හා ස්මාරක රැසක් කුලුගෙඩි පහරින් විනාශ කරන දර්ශන ලොවක් කම්පාවට පත්කරන්නට විය.
13 වැනි ශතවර්ෂයට අයත් මෙම ඓතිහාසික නගරය තුළ සිදුවූ විනාශය යුද අපරාධයක් ලෙස එක්සත් ජාතීන් හැඳින්වීය.
ඉස්ලාම් රාජ්‍යය ත්රස්තයන්ට අනුව මෙම පෞරාණික විහාර හා ස්මාරක තම ලබ්ධියෙන් පිට අන්ධ විශ්වාසයන් ලෙස සැලකෙන අතර, ඒවා විනාශ කිරීමට ඔවුන් බැඳී සිටින බවද කියැවෙයි.
ඉරාකයේ මොසුල් නගරයට කිලෝමීටර් 30ක් පමණ ගිණිකොණදිගින් පිහිටි මෙම ඓතිහාසික නගරය ඉරාක හමුදාව විසින් යළි අත්පකර කරගනු ලැබුවේ, ඔවුන් මොසුල් නගරයේ බලය අත්පත් කරගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් අතරතුරදීය.