එළුවෙක් හා ආහාර ද්‍රව්‍ය ටිකකට දියණිය විකිණූ පියෙක්
ඇෆ්ගනිස්තාන පියෙකු එළුවෙක් හා තවත් ආහාර ද්‍රව්‍ය ටිකක් ලබාගැනීම සඳහා තම හය හැවිරිදි දියණිය පූජකයෙකු වෙත විකිණූ පුවතක් වාර්තා වෙයි.
මෙම පාපතර පියා විසින් තම හය හැවිරිදි දියණිය 55 හැවිරිදි ඉස්ලාමීය පූජකයා වෙත විකිණීමට එකඟ වී තිබුණත්, එරට තුළ තරුණියකට විවාහ දිවියට එළැඹිය හැකි වන්නේ වයස අවුරුදු 16 දීය.
කෙසේ වෙතත්, මෙම සිදුවීම පොලීසිය දක්වා පැමිණීමත් සමග පූජක තැන අත්අඩංගුවට පත්ව ඇති අතර, පෙර කී පියා කාන්තාවන්ගේ දැඩි ප්‍රහාරයකට බඳුන් වී ඇති බවද වාර්තා වෙයි.
ඔහු මෙම ගනුදෙනුව සිදුකර ඇත්තේ එළුවෙක්, හාල් ටිකක්, තේ, සීනි හා පිසුම් තෙල් ටිකක් ලබාගැනීම සඳහාය. තමාගේ පවුල නඩත්තු කළ යුතු නිසාත්, තවත් කටක් පිරවීමෙන් නිදහස් වීම සඳහාත් මෙම තීරණය ගත් බව මොහු පොලීසියේදී පවසා ඇත.
මෙම කුඩා දියණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර, ඇය මේ වනවිට සිය මව යටතේ සුරක්ෂිතව සිටින බවද විදෙස් වාර්තා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

