එවරස්ට් කඳු මුදුනේ හිම කන්දක් කඩා වැටීම නිසා 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඔවුන් ෂෙර්පාවරුන් හෙවත් කඳුතරණය සඳහා සහාය වන නේපාල ජාතික මාර්ගෝපදේශකයන් බවත් එරට බලධාරීහු පවසති.
එවරස්ට් කන්දේ අඩි 19,000ක් පමණ ඉහළදී මෙම හිම නායයෑම සිදුවෙමින් හිම කන්ද කඩා වැටී ඇති අතර, එරට වේලාවෙන් උදෑසන 6.45ට පමණ මෙම අවාසනාවන්ත ඉරණමට ඔවුන් ගොදුරුව තිබේ.
නේපාලයේ සංචාරක අමාත්‍යාංශයේ මධ්‍ය ප්‍රකාශකවරයෙක් පෙන්වා දුන්නේ මෙම කඳු නායයෑමෙන් අතුරුදන් වූ ඇතැම් පිරිස් සොයා ගෙන තිබුණත්, තවදුරටත් සොයා නොගත් පිරිසක්ද සිටින බවයි.
එමෙන්ම, මෑත ඉතිහාසය තුළ ලොව උසම කඳු මුදුනේ සිදු වූ දරුණුතම අනතුර මෙය බවටද විශ්වාස කෙරේ.
සාමාන්‍යයෙන් මෙම ෂෙර්පා මාර්ගෝපදේශකයන් උදෑසනින්ම කඳු තරණය කරන්නේ කඳු තරණයට එක්වන සංචාරකයන්ට අවශ්‍ය මාර්ග හා උපකරණ නිවැරදිව සකසා දීම වෙනුවෙනි.
කෙසේ වෙතත් මෙම මෙහෙයුමට සහාය වීම සඳහා හෙලිකොප්ටර් යානා 3ක් යොදවා ඇති බවද නේපාලයෙන් වාර්තා විය.