ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරස්ට් තරණය කළ ප්‍රථම කාන්තාව වන ජපාන ජාතික ජුන්කෝ තාබෙයි අවුරුදු 77ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වී තිබේ.
වර්ෂ 1975 මැයි මාසයේදී එවරස්ට් තරණය කරන ලොව ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වන විට ඇගේ වයස අවුරුදු 35කි. ඉන් අනතුරුව 1992 වනවිට ලොව උසම කඳු මුදුන් හතම තරණය කිරීමට ඇය සමත් වී තිබුණි.
මීට වසර හතරක සිට ඇය සිය උදරයේ වූ පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, ජපානයේ සයිටාමා හි රෝහලේදී ඇය ජීවිතක්ෂයට පත්වූ බව ජපාන මාධ්‍ය පවසයි.
ඇය අවසන් වරට තරණය කර තිබුණේ ජපානයේ ෆූජි කන්දයි. ඒ පසුගිය ජූලි මාසයේදීය. 2011 වසරේ ඇති වූ භූ කම්පනය හා සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් උසස් අධ්‍යාපනය ලැබූ සිසු පිරිසක් සමග ඇය මෙම කන්ද තරණය කර තිබුණි.
ඇගේ මුල් පදිංචිය ජපානයේ ෆුකුෂිමා පළාත වූ අතර, එම පළාත මෙන්ම එහි වූ න්‍යෂ්ටික බලාගාරයකටද එම භූ කම්පනයෙන් දැඩි හානි පැමිණ විණි.