පුද්ගලයන් 162 දෙනෙකු සමග පසුගිය දෙසැම්බර් මාසයේදී කඩා වැටුණු එයාර්ඒෂියා ගුවන් යානා අනතුරට ප්රධානතම හේතුව එම යානයේ වූ දෝෂයක් බව අනාවරණය වී තිබේ.
එහිදී, යානයේ රේඩාර් පද්ධතිය යානය ගුවන්ගත වූ අවස්ථාවේදී අවස්ථා හතරකදීම දෝෂයට ලක්ව ඇති බව පරීක්ෂණවලින් සනාථ වී ඇත.
ඒ අනුව, මෙම යානා අනතුර සම්බන්ධයෙන් යානයේ කාර්ය මණ්ඩලය වෙතද යම් වගකීමක් පැවරෙන බව බලධාරීහු පවසති.
එයාර්බස් ඒ320-200 වර්ගයේ එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානය පසුගිය දෙසැම්බර් 28 වැනිදා සුරබයා ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබියදී ජාවා මුහුද වෙත කඩා වැටුණි.
අයහපත් කාලගුණය යානා අනතුරට හේතු වන්නට ඇති බවට මූලික නිරීක්ෂණවලදී අනාවරණය වුවත්, මේ වනවිට එම මතය බැහැර වී තිබේ.