MS13 පාතාල නායකයා දැලේ
ගෝතමාලාවේ ප්‍රකට පාතාල සංවිධානයක් වූ මාරා සැල්වටෘචා හෙවත් MS.13 පාතාල කල්ලියේ නායකයා අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය පවසයි.
ඒන්ජල් ගේබ්‍රියල් මරෝකින් හෙවත් බ්ලැන්කෝ (සුද්දා) යන නාමයෙන් හැඳින්වුණු මොහු ගෝතමාලා අගනුරවට කිලෝමීටර් 50ක් පමණ බටහිරින් වූ චිමල්ටෙනැන්ගෝ නගරයේදී අත්අඩංගුවට පත්ව ඇත.
මීට මාස දෙකකට පෙර රෝහලක සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ඔහු අත්අංඩගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර තිබුණි.
ජාත්‍යන්තර වශයෙන් පවා කටයුතු කරන මෙම පාතාල සංවිධානය මෙම වසරේදී ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී සිදුවූ පුද්ගල ඝාතන දෙකකටද සම්බන්ධ බව කියවුණි.
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරින් විකාශය වී ඇති මෙම MS 13 පාතල කල්ලිය මේ වනවිට මධ්‍යම ඇමෙරිකාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අතර, ඔවුන් අතිශය දරුණු හා ම්ලේච්ඡ සංවිධානයක් ලෙස සැලකෙයි.
මෙම ත්‍රස්ත සංවිධානය පිළිබඳ පරීක්ෂණ සිදුකරන එෆ්.බී.අයි. නිලධාරියෙකු පවසා සිටියේ ඔවුන්ගේ ආදර්ශ පාඨය මරණය, දූෂණය හා පාලනය බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


