ලෝකයේ දෙවැනි උසම ගොඩනැගිල්ල ලෙස චීනයේ ෂැංහයි ගොඩනැගිල්ල සැලකුණත්, ලොව අහස සිඹින ගොඩනැගිලිවල භාවිත වන විදුලි සෝපානවල වේගය අතින් ෂැංහයි ගොඩනැගිල්ල ලොව කිසිදු ගොඩනැගිල්ලකට දෙවෙනි නොවෙයි.
අඩි 2,074ක් උස මෙම ගොඩනැගිල්ල සඳහා සුවිශේෂී මිට්සුබිෂි විදුලි සෝපාන යොදාගෙන ඇති අතර, ඒවා ඇදහිය නොහැකි ලෙස තත්ත්පරයට අඩි 67ක (මීටර් 20.5ක) වේගයකින් ඉහළ පහළ ගමන් කරන බව කියැවෙයි.
එමෙන්ම, මේවා ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන උසෙන් බෝල්ට් (තත්ත්පරයට අඩි 40යි) පවා අභිභවන වේගයකින් කරයි. නමුදු, වේගවත්ම චීටාගේ (තත්ත්පරයට අඩි 95ක්) වේගයට වඩා ඉතා සුළු මන්දගාමී බවක් මෙකී සෝපාන පෙන්වන බවද සඳහන්ය.
මෙතරම් වේගයකින් ගමන් කරන කිසිදු විදුලි සෝපානයක් ලොව කිසිදු තැනක දැනට භාවිත නොවන අතර, ප්රථම වතාවට ගමන් කරන පුද්ගලයන් පුදුම කරවීමට එම විදුලි සෝපාන සමත් බවත් කියැවෙයි.