උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් දෙපළ අතර පැවති ඓතිහාසික හමුවෙන් පසුව දෙරට අතර වේලාව සම වන පරිදි උතුරු කොරියාව සිය වේලාව වෙනස් කර තිබේ.
ඒ අනුව උතුරු කොරියාව සිය හෝරා කලාපය විනාඩි 30කින් ඉදිරියට ගනිමින් දකුණු කොරියාවේ වේලාවට සම වන පරිදි ඔවුන්ගේ වේලාව සකස් කරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ ඊයේ (05දා) රාත්‍රී 11.30ට පමණ උතුරු කොරියාව මෙම වෙනස්කම සිදුකර ඇති බවයි.
මෙය දෙරට අතර සහයෝගීතාව කඩිනම් කිරීම සඳහා නිල වශයෙන් සිදුකළ ප්‍රථම කඩිනම් පියවර බව උතුරු කොරියානු මාධ්‍ය පෙන්වා දෙයි.