සියවසේ දරුණුතම නියඟයෙන් තම රට පීඩා විඳින බව උතුරු කොරියාව අවධාරණය කරයි.
උතුරු කොරියානු රජය පෙන්වා දෙන්නේ නියඟය හේතුවෙන් දැඩි ආහාර අර්බුදයක් මතුවිය හැකි බවයි.
එරට රජයේ පුවත් සේවය පවසන පරිදි වී ගොවිතැන බහුල වශයෙන් සිදුවන ප්රදේශ කෙරෙහි නියඟය තදින්ම බලපා ඇති අතර, වගා කුඹුරු 30%ක් පමණ සම්පූර්ණයෙන්ම වියළී ගොස් තිබේ.
1990 දශකයේ උතුරු කොරියාවට බලපෑ සාගතයක් හේතුවෙන් සිය ගණනක් ජනතාව ආහාර නොමැතිව ජීවිතක්ෂයට පත්ව තිබුණි.