උතුරු කොරියානු පරිගණක හැකර්වරු අතිශය සංවේදී යටිතල පහසුකම් හෝ ඇතැම් විට මිනිසුන් ඝාතනය කිරීමට තරම් ප්රබල කණ්ඩායමක් බව උතුරු කොරියානු ප්රමුඛ මහාචාර්යවරයෙකු අනතුරු ඇඟවීමක් කර තිබේ.
බී.බී.සී.යේ ක්ලික් වැඩසටහන වෙනුවෙන් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය කිම් හියුන්ග්-ක්වැන්ග් පවසා ඇත්තේ තම රට තුළ විශේෂ පුහුණුවක් ලැබූ හමුදා හැකර්වරු 6,000ක් පමණ සිටින බවයි.
පසුගිය වසරේ සෝනි පික්චර්ස් සමාගම වෙත හැකර් ප්රහාරයක් එල්ල කරනු ලැබුවේද උතුරු කොරියානු හැකර්වරු විසිනි.