උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් එරට උසම කඳු මුදුන තරණය කර ඇති බව කොරියානු රජයේ පුවත් සේවා වාර්තා කරයි.
හිමෙන් වැසී ගිය කඳු මුදුනක් මත උතුරු කොරියානු නායකයා රැඳී සිටින ආකාරයේ ඡායාරූපය පෙළක්ම එහි දැකගත හැකිය.
ඔහුගේ පියා වන කිම් ජොන්ග්-ඉල් කඳුකර ප්‍රදේශයක උපත ලබා ඇති බව එරට රජයේ මාධ්‍ය පවසා සිටියත්, ඔහු සැබෑ ලෙසම රුසියාවේ උපත ලැබූවෙකු බවද කියයි.
අඩි 2,750ක් උස කඳු මුදුන වෙත කිම් ජොන්ග්-උන් නගින විට ඔහු සමග තවත් සිය ගණනක් ආරක්ෂකයන් පිරිසක්ද කන්ද තරණය කර ඇති බව පැවසෙයි.