උතුරු කොරියාවෙන් වන න්‍යෂ්ටික ප්‍රහාර බලපෑම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බව දකුණු කොරියාවේ සංචාරයක නිරත ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජෝන් මැටිස් පවසා සිටියි.
යම් ලෙසකින් උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ආයුද යොදාගැනීමට කටයුතු කළහොත් ඊට එරෙහිව දැවැන්ත හමුදාමය ප්‍රතිචාරයක් දක්වන බවට හෙතෙම අනතුරු ඇඟවීමක්ද කළේය.
මේ අතර, උතුරු කොරියානු සාගර කලාපයේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටි දකුණු කොරියානු ධීවර යාත්‍රාවක් පසුව මුදාහැරීමට උතුරු කොරියානු බලධාරීන් කටයුතු කළ පුවතක්ද මේ අතර වාර්තා විය.
දකුණු කොරියානු බලධාරීන් පවසා සිටියේ පසුගිය සිකුරාදා මෙම යාත්‍රාවේ ගමන් කළ ධීවරයන් 10 දෙනා නිදහස් කළ බවය.