උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන් සිය සහෝදරිය වූ කිම් යෝ-ජොන්ග් එරට පාලක පක්ෂ දේශපාලන මණ්ඩලය වෙත පත්කරමින් වැඩි බලතල ඇය වෙත ලබා දී තිබේ.
හිටපු උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-ඉල්ගේ බාල දියණිය වූ කිම් යෝ-ජොන්ග් සිය නැන්දණියගෙන් හිස්වූ උතුරු කොරියානු කම්කරු පක්ෂ දේශපාලන මණ්ඩලය වෙත පත්වීම් ලැබූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
30 වැනි වියෙහි පසුවන කිම් යෝ-ජොන්ග් මීට වසර තුනකට පෙර එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක ලෙස පිළිගැනුණි.
1948 වසරේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව උතුරු කොරියාව බිහිවීමේ සිට කිම් පරම්පරාව විසින් එරට පාලන බලය මෙහෙයවමින් සිටියි.
කිම් යෝ-ජොන්ග් සිය සහෝදරයා වන උතුරු කොරියානු නායකයා සමග ඇතැම් අවස්ථාවල දැකගත හැකි වීමෙන්ම, ඇයට ප්‍රසිද්ධියක් ලබාදෙමින්, ඇය දේශපාලන කරළියට ගෙනඒමට කිම් ජොන්ග්-උන් කටයුතු කරන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පසුගිය සෙනසුරාදා පැවති පක්ෂ සම්මේලනයේදී ඇයගේ නව නිලය කිම් ජොන්ග්-උන් විසින් දේශපාලන මණ්ඩලයට දැනුම්දෙනු ලැබීය.
කම්කරු පක්ෂ දේශපාලන මණ්ඩලයේ ඉහළ තනතුරුවල වෙනස්කම් කිහිපයක් සිදුකරන අතරවාරයේදී ඇය සිය නැගණියගේ උසස්වීමද ලබාදී තිබුණි.