උතුරු කොරියානු නායකයා සිය නවතම හා ප්රබලතම න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමත් සමග ඔහු යුද්ධය අයැද සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නියෝජිතවරිය අවධාරණය කරයි.
නිව්යෝක් නුවරදී හදිසියේ රැස්වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේ නිකී හැලේ මෙම අදහස් දක්වා ඇත.
කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී ඇමෙරිකාවට කිසිදු ආකාරයක යුද්ධයක් අවශ්‍ය නොවන නමුත්, ඔවුන්ගේ ඉවසීමේ සීමාව සීමා කළ නොහැකි බවද ඇය අවධාරණය කර ඇත.
මේ අතර, උතුරු කොරියාවට එරෙහි සම්බාධක තවදුරටත් තර කිරීම සඳහා නව යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත ගෙන ඒමටද ඇමෙරිකාව කටයුතු කරමින් සිටියි.
මෙහිදී, මෙම අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව උතුරු කොරියාවේ ප්‍රධාන මිතුරෙකු වූ චීනය කියා සිටින අතර, සාකච්ඡාවල මැදිහත්කරු ලෙස ස්විට්සර්ලන්තයට ක්‍රියාකරන ලෙසද ඉල්ලීමක් කර තිබේ.
මේ අතර, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීමට ප්‍රතිචාර ලෙස දකුණු කොරියානු නාවික හමුදාව විසින්ද සජීව නාවික යුද අභ්‍යාසයක් පැවැත්වූ අතර, ඊට පෙර ඔවුන් බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සහ යුද ගුවන් යානාවල සිට එල්ල කරන මිසයිල අත්හදා බැලීමක්ද සිදුකළේය.