උතුරු කොරියාව එරට නැගෙනහිර කලාපයේ සිට මුහුද දෙසට මිසයිල දෙකක් එල්ල කරමින් ඔවුන්ගේ නවතම මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියාව කියයි.
දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු මේ පිළිබඳ අනාවරණය කළත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාදී නොමැත.
කෙසේ වෙතත් මෙසේ එල්ල කර තිබෙන්නේ කිලෝමීටර් 500ක දුරක් ගමන් කෙරෙන කෙටි දුර ස්කූඩා මිසයිල වියහැකි බව දකුණු කොරියාව පවසයි.
උතුරු කොරියාව තමන්ගේ යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා පසුගිය කාලය තුළ මේ ආකාරයෙන් මිසයිල අත්හදා බැලීම් සිදුකර තිබේ.