උතුරු කොරියාව යම් ලෙසකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන බවට සිදුකරන පළමු පියවරේදීම උතුරු කොරියාවේ පියොන්ග්යැන්ග් අගනගරය සම්පූර්ණයෙන්ම විනාශ කරන බව දකුණු කොරියාව අවධාරණය කර තිබේ.
උතුරු කොරියාව විසින් මෑතකදී සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීමත් සමග දකුණු කොරියාව විසින් මෙම ප්‍රකාශය සිදුකර ඇති අතර, මෙය කොරියානු අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික යුද්ධයක පෙර නිමිති පළවන අවස්ථාවක් ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එහිදී, බැලස්ටික් මිසයිල හා අධි බල බෝම්බ ප්‍රහාර මගින් පියොන්ග්යැන්ග් අගනුවර සෑම දිස්ත්‍රික්කයක්ම පුපුරුවා හැරීමට දකුණු කොරියාව මෙම සැලැස්මෙන් සූදානම් වන බවද වාර්තා වෙයි. ඊට අදාළ සවිස්තරාත්මක තොරතුරු දකුණු කොරියානු මහජන නියෝජිතයන් වෙත දැනටමත් ලබාදී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මේ අතර, උතුරු කොරියාව මෙතෙක් සිදුකළ විශාලතම න්‍යෂ්ටික අත්හදා බැලීම ඇමෙරිකාව, ජපානය, දකුණු කොරියාව මෙන්ම, උතුරු කොරියාවට හිතවත් චීනයේ හා රුසියාවේද දෝෂදර්ශනයට ලක්ව තිබුණි.
මේ තත්ත්වය තුළ එරටට යළි සම්බාධක පැනවීමේ සූදානමක්ද වාර්තා වුවත්, එම ප්‍රකාශ උතුරු කොරියාව හාස්‍යයට ලක්කිරීමද කලාපයේ යුද උණුසුම වර්ධනය වීමට හේතු විය හැකි බව විශ්ලේෂකයෝ පවසති.