මෙම සතිය ඇතුළත උතුරු කොරියාව තවත් දිගුදුර මිසයිල අත්හදා බැලීමක් සිදුකිරීමට සැරසෙන බව ජපන් පුවත් ඒජන්සියක් අනාවරණය කර තිබේ.
ජපානයේ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකුගෙන් ලද තොරතුරක් මත මෙම පුවත හෙළි කිරීඹට ක්යෝදෝ පුවත් ඒජන්සිය කටයුතු කර තිබේ.
උතුරු කොරියාවේ, ටොංග්චැංග්-රි මිසයිල අත්හදා බැලීම් මධ්‍යස්ථානය ආශ්‍රිතව සිදුකළ චන්ද්‍රිකා නිරීක්ෂණයන් පදනම් කරගෙන හෙතෙම එම ප්‍රකාශය සිදුකළ බවත් එම පුවත් ඒජන්සිය පවසයි.
පසුගිය ජනවාරි 6 වැනිදා උතුරු කොරියාව විසින් සිදුකළ සිව්වැනි න්‍යෂ්ටික අත්හදා බැලීමට විරෝධය පෑමක් ලෙස ඔවුන්ට එරෙහිව නවතම සම්බාධක පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සාකච්ඡා පවත්වමින් සිටින අතරතුර මෙම පුවත පළ කෙරිණි.
අන්තර්ජාතික බැලස්ටික් මිසයිලයක් සැකසීමේ වැඩසටහනේ කොටසක් ලෙස ඔවුන් මීට පෙර 2012 වසරේදීද දිගුදුර මිසයිල අත්හදා බැලීමක් සාර්ථකව සිදුකර තිබුණි.