උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන ප්‍රදේශයෙන් වාර්තා වී ඇති රික්ටර් පරිමණ 3.4ක ගැඹුරු කම්පනය න්‍යෂ්ටික අත්හදා බැලීමක් නොවන බවත්, එය ස්වභාවික භූ කම්පනයක් බවත් විශ්වාස කරයි.
දකුණු කොරියාව පවසා සිටියේ මිනිසා විසින් ඇති කරනලද කම්පන තරංග සටහන් වීමක් සිදුව නොමැති බවයි. එමෙන්ම, චීනයද තහවුරු කරමින් කියා සිටියේ එය ස්වභාවික භූ කම්පනයක් බවයි.
එමෙන්ම, ජාත්‍යන්තර න්‍යෂ්ටික පර්යේෂණ නිරීක්ෂකයෝද එම මතයේම සිටියහ.
මේ අතර, පසුගිය කාලය පුරාවට න්‍යෂ්ටික අත්හදා බැලීම් කිහිපයක්ම සිදුකළ උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැති වීමද විශේෂත්වයකි.
පසුගිය සැප්තැම්බර් 03 වැනිදා ප්යොන්ග්යැන්ග් පාලනය විසින් සිදුකරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම උතුරු කොරියාව වෙත නවතම සම්බාධක දැමීමට හේතු වුවත්, ඒ සම්බාධකවලින් උතුරු කොරියාවේ ගමන වැළැක්විය නොහැකි බව එහි නායක කිම් ජෝන්ග්-උන් අවධාරණය කළේය.