ජපාන මැතිවරණයෙන් තුනෙන් දෙකක පැහැදිලි බහුතර බලයක් ලබාගත් අගමැති ෂින්සෝ අබේ උතුරු කොරියාවට එරෙහිව දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අවධාරණය කළේය.
මේ වනවිට ජපානය ඉදිරියේ ඇති අභියෝග වෙත මුහුණදීම සඳහා යළිත් සිය බලය තහවුරු කරගැනීමේ අරමුණින් අගමැතිවරයා හදිසි මැතිවරණයක් කැඳවා තිබුණි.
එම අභියෝග අතර උතුරු කොරියාවෙන් ජපානයට එල්ලවන අභියෝග ප්රමුඛ විය. මෑතකදී උතුරු කොරියානු මිසයිල ද්විත්වයක් ජපානයට ඉහළියන් පියාසර කර මුහුදට පතිත වීම ආසන්නතම සිදුවීමයි.
අගමැතිවරයාගේ පාලක පක්ෂය තුනෙන් දෙකක බහුතර බලය ස්ථාපිත කිරීම තුළ අගමැති ෂින්සෝ අබේ වෙත එරට ව්‍යවස්ථාව වෙනස් කිරීමටද අවකාශය සැලසෙමින් තිබෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.